කලකදී සැඟව යන ගව කොකා (Cattle Egret)

by

Cattle Egret is a common bird – but can you spot this bird in your area these days..? The photos show ground of University of Colombo on the morning of 26th of May 2018. There were 55 Cattle Egrets foraging on the wet ground with number of them in full breeding plumage. The birds started gathering few days prior, where about 35 cattle egrets were counted on University Grounds on 22nd of May. On 22nd of May; Prof.Kotagama pointed out this could be a congregation before a seasonal movement/ migration and when I visited university of Colombo on 4th of June – not a single Cattle Egret could be spotted.

Elsewhere (in India), it researchers observed Cattle Egrets show seasonal movements during their breeding season along with the monsoon – getting disappear in June and emerge back in September. So our cattle egrets too could be following a similar pattern without our notice.

So do observe cattle egrets and report cattle egret sightings. If you remember an area where cattle egrets were present earlier, please make a visit this week to the location to find out whether they are still there. You can send observations to gardenbirdwatch.srilanka@gmail.com.

Following is an article about the phenomena appeared on Vidusara 20.06.2018

A cattle egret in breeding plumage (c) Evarts Evarts

දිගු කකුල් සහිත, මාළුන් අල්ලා ගැනීමට ම පිහිටි උල් දිගු හොටක් සහිත, බොහෝ විට ජලාශ්‍රිතව දැකගත හැකි සුදෝ සුදු කුරුල්ලන් ‘කෝකුන්’ සේ පොදුවේ හැදින්වීමට අප පුරුදු වී සිටින්නෙමු. ශ්‍රී ලංකාවේ දී අප දකින සුදු පැහැති කොකුන් සියල්ලන් ම පාහේ එක් වර්ගයක් යැයි සිතුවත්, සැබහින් නම් එවන් කොකුන් වර්ග 4ක් සිටි. මහ කොකා (Great Egret), මැදි කොකා (Intermediate Egret), පුංචි අනු-කොකා (Little Egret) සහ ගව කොකා (Cattle Egret) මේ කොකුන් වර්ග වේ.

මේ අතරින්, පළමු කොකුන් තුන් වර්ගයම ජලාශ්‍රිත ව වාර්තා වුවත්, ගව කොකා නම්, බොහෝ තැන් වල වාසය කිරීමේ කලාව හොදින් ප්‍රගුණ කරගත් කුරුල්ලෙකි. සෙසු කොකුන්ට සාපේක්ෂව ගව කොකුන්ගේ ගෙල කෙටි වන අතර පැහැදිලිව දැකිය හැකි ත්‍රිකෝණාකාර හිසක් පිහිටා තිබේ.

ගෙරි-කොකා නැතහොත් ගව කොකා ලෙසද හදුන්වන කුඩා ප්‍රමාණයේ කොකෙකු වූ Cattle Egret, වචනයෙන් කියවෙන ලෙසම බොහොවිට ගවයන් ආසන්නයේ බොහෝවිට දැක ගත හැකිවේ. ගවයන් ගේ චලනයේ දී සහ ගමනේ දී කලබල වී ඉවත් වන ගෙම්බන්, තනකොලපෙත්තන් වැනි කෘමින් ද පණුවන් ද ආහාරයට ගන්න අතර ගවයන් ගේ ඇගේ වසන  මැස්සන්, අටමස්සන්, කිණිතුල්ලන් අල්ලා ගන්නා නිසා, ගවයන් ට ද මේ කුරුල්ලාගේ ගැවසීම ප්‍රයෝජනවත් වේ.

Cattle egrets with cattle (c) Audubon Society

ගවයන් ගැවසෙන ස්ථාන වල බහුලව සිටියත්, ගව කොකා පරිසරයට හොඳින් අනුවර්තනය වීමට හැකියාව පෙන්න්වන්නේ, ගවයන් නොමැති නගරාශ්‍රිත ව ද හොඳින් දිවි ගෙවීමට ඇති හැකියාවයි. විවිධ ප්‍රදේශ වල පැතිර සිටින ගව කොකා, විශේෂයෙන්ම නගරාශ්‍රිතව කුණු බැහැර කරන ‘කුණු කඳු’ ආශ්‍රිතව ව සුලබ දසුනකි.

සාමාන්‍ය කාල වල දී සම්පුර්ණයෙන් සුදු පැහැති වන ගව කොකා සුවැදී සමයේ දී හිස, ගෙල සහ ඉහල පිට කය රන්වන් පැහැයක් ගනී. බොහෝ විට තෝරාගත් ගසක සමුහයක් ලෙස කැදලි තනයි. මෙම ගස බොහෝ විට දිය පාරක් හෝ වැවක් අසල තිබෙන බව අද්යයනය කර තිබේ.

සාමාන්‍යයෙන් සුවැදී සාමය මැයි සිට ඔක්තෝබරය දක්වා දිවෙන බව සදහන් වේ. එහෙත් මේ පිළිබද නිසි අධ්‍යයනයක් අවශ්‍ය බව පෙන්වා දෙන්නේ, සුවැදී සමය පාදක කරගත් සංචරණයක් මොවුන්ගේ දක්නට තිබෙන බැවිනි.

උදාහරණයක් ලෙස ගතහොත්, කොළඹ ප්‍රදේශයේ දී මැයි මස අගදී පමණ මේ කුරුල්ලන් එක් වර අතුරුදහන් වන අතර, ඔක්තෝබරය පමණ වන විට නැවතත් දක්නට ලැබේ. ඉන්දියාවේ කල අධ්‍යයනයකට අනුව, නිරිත දිග මෝසම් වැස්සත් සමග එම ප්‍රදේශයෙන් අතුරුදහන් වන ගව කොකුන්, නැවතත් ඔක්තෝබරයේ දී එම ප්‍රදේශයට පැමිණේ. මිට අමතරව කාලයකදී නිහැරීමක් (Migration) ද, සමරහ ගව කොකා ගහණ විසින් සිදු කරන බව අනුමාන කෙරේ.

කොළඹ ප්‍රදේශයේ දී සිදුකල නිරික්ෂනයන්ගෙන් ද පැහැදිලි වුයේ, ගව කොකුන් කාලයක දී ප්‍රදේශයේ දී දැකගත් නොහැකි බවය. මෙහි දැක්වෙන කොළඹ විශ්ව විද්‍යාලයේ පිට්ටනියේ දී මැයි 26වැනිදා උදෑසන ගත ජායාරූපයකි. මෙහි දැක්වෙන පරිදි ගව කොකුන් 55ක් පමණ ගණනය කිරීමට හැකිවිය. මිට දින කිහිපයකට පෙර සිටම, විශ්ව විද්‍යාලයීය පිට්ටනියට මේ කුරුල්ලන් එකතු වීම ඇරඹු බව, එම විශ්ව විද්‍යාලයේම මහාචාර්ය සරත් කොටගම මෙම සිදුවීම හැදින්වුයේ, මෙය මේ කුරුල්ලන් වෙනත් ස්ථානයක ට යෑමට ප්‍රථම සිදුකරන එක්රැස් විමක් විය හැකි බවය. කියූ පරිද්දෙන් ම ඊලග සතිය වනවිට, පිට්ටනියේ එකුදු ගව කොකෙකු හෝ වාර්තා නොවිය.

ඔක්තෝබරයේ දී මේ කුරුල්ලන් නැවත දක්නට ලැබෙන බවත්, මෙය සුවැදී සාමය පාදක කොටගත් ගමනක් ලෙස සිතිය හැකි බවත් මහාචාර්ය කොටගම අප වෙත පැවසිය. “ගෙරි කොකා ගොඩක් බහුල ව දැකගත හැකි කුරුල්ලෙකු නිසා, බොහෝ විට අපේ අවධානයට ලක් වෙන්නේ නෑ. ඒත් මේ දවස්වල ඔබේ ප්‍රදේශයේත් මේ කුරුල්ලා දැක ගන්න පුළුවන් ද කියල නිරීක්ෂණය කරන්න” යැයි මහාචාර්ය කොටගම ආරාධයනක් කළේය.

කුරුල්ලන් ගැවසෙන කුණු ගොඩක් වැනි තැනක් මේ කුරුල්ලන් නිරීක්ෂණයට හොද ස්ථානයකි. නැවතත්, මේ කුරුල්ලන් දක්නට ලැබෙන දිනය ද සටහන් කර ගැනීමෙන් මේ පොදු කුරුල්ලා ගේ හරිහැටි නොදත් විස්තර සොයා ගැනීමට ඔබටත් උදව් කිරීමට හැකි වනු ඇත. ඒ නිසා ඔබගේ නිරික්ෂණයන් gardenbirdwatch.srilanka@gmail.com වෙත යොමු කරන්න.

The aggregation of Cattle Egret on University Grounds on 26.05.2018

One Response to “කලකදී සැඟව යන ගව කොකා (Cattle Egret)”

  1. Saman Buddhadasa Says:

    Excellent contributions
    Thank You
    Saman Buddhadasa

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s


%d bloggers like this: